Home
RSS Feed
Twitter
MayaWarunge Lokaya / මායාවරුන්ගේ ලෝකය
Powered by
Blogger
.
Blog Archive
▼
2013
(5)
▼
July
(5)
Theme song 灵珠 [ The Holy Pearl ] - Love you 1000 y...
අභීත දියණිය ටෙලි නාට්‍යයෙන් අනතුරුව ශ්‍රී ලංකා රූ...
ලෝකය මානුෂීය ප්‍රේමයේ කැඩපතක්
ඔෂින්, සුජාත දියණි, අභීත දියණිය යන ටෙලි නාට්යයන...
මනුදම් උයනේ කුමරියනේ... මෙතෙක් ආ ගමනේ මතක සටහන්......
Home
Business
Downloads
Parent Category
Featured
Health
Uncategorized
Wednesday, July 17, 2013
5:45 AM
BrandOn Silva
ලෝකය
මානුෂීය ප්‍රේමයේ කැඩපතක්
Email This
BlogThis!
Share to X
Share to Facebook
Share to Pinterest
Newer Post
Older Post
Home
0 comments:
Post a Comment
Subscribe to:
Post Comments (Atom)
Facebook Fans Page Official
Popular Posts
(no title)
අභීත දියණිය ටෙලි නාට්‍යයෙන් අනතුරුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සිංහල හඬ කවා විකාශනය කරන්නේ ‘මායාවරුන්ගේ ලෝකය’ හෙවත් ‘හෝලි පර්ල් (...
Theme song 灵珠 [ The Holy Pearl ] - Love you 1000 years
(no title)
ඔෂින්, සුජාත දියණි, අභීත දියණිය යන ටෙලි නාට්‍යයන් හි තේමාවන් යථාර්ථවාදී වන අතරේ මායාවරුන්ගේ ලෝකය ...
(no title)
මනුදම් උයනේ කුමරියනේ... මෙතෙක් ආ ගමනේ මතක සටහන්.... ඔශීන්,සුජාත දියණිය ,අභීත දියණිය ඔබ වෙත ගෙන ආ ජාතික රූපවාහිනී මීලග මෙහෙයුම :- සී.සී.ටී....
(no title)
ලෝකය මානුෂීය ප්‍රේමයේ කැඩපතක්
Mayavarungelokaya
- Mayavarungelokaya | Maaya warunge Lookaya Maya Warunge Lokaya, Mayawarunge Lokaya, Mayavarunge Lokaya, Maayawarunge Lokaya, maya lokaya Maya Warunge Lokaya, Mayawarunge Lokaya, Mayavarunge Lokaya, Mayawarunge Lokaya On Rupawahini, Mayawarunge Lokaya Sinhala Sri Lanka Maayawarunge Lokaya, mayawarunge lokaya Teledrama, the holy pearl
අතුල රන්සිරිලාල්
මායාවරුන්ගේ ලෝකය මානුෂීය ප්‍රේමයේ කැඩපතක් අතුල රන්සිරිලාල් චීනයේ CCTV ආයතනයේ නිෂ්පාදනයක් වන ‘හෝලි පර්ල්’ (Holy Pearl) වැඩසටහන් පෙළ, සිංහල දෙබසින් රසවත් කර ‘මායාවරුන්ගේ ලෝකය’ නමින් ජාතික රූපවාහිනියේ දිග හැරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතියි. ප්‍රවීණ හඬ ශිල්පීන් සියයකට වැඩි ගණනකගේ හඬින් හැඩ ගැන්වී තව නොබෝ දිනෙකින් ඔබ හමුවට එන මායාරුන්ගේ ලෝකය පිළිබඳ, එහි හඬ කැවීම් මෙහෙයුම් හා සකසූ අතුල රන්සිරිලාල් සමඟ කළ කතා බහයි මේ. ඇයි මේ හදිසියේ ‘මායාවරුන්ගේ ලෝකයක්...’ ”තව කෙටි කාලෙකින් ‘අභීත දියණිය’ අවසන් වෙනවා. ජාතික රූපවාහිනිය වටා රැස්වූ සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට තිබුණාට වඩා හොඳ දෙයක් දිය යුතුයි. එය අතිශය වෙනස් දෙයක් විය යුතුයි. සුජාත දියණී සහ අභීත දියණී කතා දෙකම කොරියන් නාට්‍ය. නමුත් ඔබට හිතා ගන්නවත් බැරි මේ මායාරුන්ගේ ලෝකය චීනයේ අති දැවැන්ත නිර්මාණයක්. එය 2011 වසරේ චීනයේ කේබල් ටී.වී. ඔස්සේ විකාශය වූයේ අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින්. කොරියන් නාට්‍ය දෙකකට පස්සෙ චීන නිර්මාණයක් තෝරා ගත්තේ විශේෂ හේතුවක් ඇතිවයි.” මොකක් ද ඒ හේතුව? ”ඒ ආසියානු සංස්කෘතිය තුළ ගොඩනැඟුණු විද්‍යා ප්‍රබන්ධ කතාවක් නිසා. චංගුමීලගේ් දොංයිලාගේ සුන්දරත්වයට ඒ අපූරු සිදුවීම්වලට... රූප රාමුලට වශීකෘත නොවුණෙ කවුරුද... පළමුව පුංචි දරුවෝ. දෙවනුව වැඩිහිටියන්. එතෙක් ටෙලිවිෂන් කලාවේ ඇමෙරිකානු සංස්කෘතියට හුරු වූ එනම් ගහන – මරන-වෙඩි තියන නාට්‍ය චිත්‍රපට හුරු පිරිසකට ආසියානු සංස්කෘතිය හුරු කිරීම මුලින් අපිට අභියෝගයක් වුණා. ඒත් ඔෂීන්ගෙන් පටන්ගෙන සුජාත දියණී – අභීත දියණී දක්වා ඒ ගමන ආවේ බොහොම පරිස්සමට. ඉතා සාර්ථකව.’එක් අතෙකින් විද්‍යා ප්‍රබන්ධ කතාවක් තෝරා ගැනීම අභියෝගයක් කියා කෙනකුට සිතන්නට පුළුවන්. නමුත් ඔය කිසිම ෙදයක් මට අභියෝගයක් නෙවෙයි. අනෙක් නාට්යලටත් වඩා මේ නාට්‍යය ප්‍රේක්ෂකයන් වැලඳ ගනීවි. අනෙක චීනය කියන්නෙ ටෙලි නාට්‍ය කලාව අතින් අපිට හැරෙන්නවත් බැරි තරමෙ ඉහළින් ඉන්න රටක්. එවැනි රටක, ටෙලිනාට්‍ය කලාව අපිට විඳීන්න ලැබෙන අනර්ඝ අවස්ථාවක් මේ. ඒ වගේම, කිසිම මනුෂ්‍යයෙක් ටෙලිවිෂන්කරුවෙක් නෙවෙයි. ඔහුගේ විඥානයෙන් තමයි ටෙලිවිෂන් කලාවේ හොඳ නරක තෝරා ගන්නේ. ටෙලිවිෂන් කලාවේ මා දන්නා එකම දේ තමයි, මිනිසුන්ට හරි දෙයක් හොඳ දෙයක් දුන්නොත් ඒ අය පිළිගන්නවා කියන එක.” ඒත් ඒ කතා දෙක – තුනේම තිබුණේ සුන්දරත්යට යටින් ගලා ගිය ප්‍රේමය... ”ඔබ හිතන්නේ මායාරුන්ගේ ලෝකය තුළ ඔය දැකපු සුන්දරත්වය, ප්‍රේමය නැහැයි කියලද... ඒ සියලු දේට අමතරව ඔබ කිසිදා නුදුටු ලොවක අපූර්වත්යක් විස්මිත බවක් මායාරුන්ගේ ලෝකයේදි ඔබේ ඇහැගැටේවි. අනික චංගුමීලා - දොංයීලගේ කතාවලින් ප්‍රකාශ වුණු ආදරය ප්‍රේමයේ තිබූ මනුෂ්‍යත්වය මතකද... රජතුමාවත් දොංයීවත් ඒ ප්‍රේමය තුළ උන්මත්තකයො නෙවෙයි. ඔවුන්ගේ ප්‍රේමය කුඩා ළමයකුට වුවත් තේරුම් යන බොහොම මානුෂීය ප්‍රේමයක්. ඒ ආදරය, ප්‍රේමය තුළ තිබෙන්නේ එකිනෙකා වෙනුවෙන් වැය වීම. කැපවීම. පරිත්‍යාග වීම. අද තරුණ දරුවන්ට තේරුම් නොයන උතුම් මානුෂීය ප්‍රේමය, මේ කතන්දරවලින් අපි රටටම කියා දුන්නා. ඒකයි මේ කතන්දර මේ තරම් ජනාදරය දිනා ගත්තේ. ප්‍රේමය විකෘති කර කාමයට තල්ලු කිරීම නෙවෙයි, ප්‍රේමය තුළ කළ හැකි උතුම් දේ පිළිබඳවයි මේ සියලු නිර්මාණ හරහා ප්‍රකාශ වන්නේ.” මෙහි හඬ කැවීම් ඔස්සේ අපට ඇහෙන්නෙ සුපුරුදු හඬ සමූහයමද... ”කිසිසේත් නැහැ. පෙර කතාවල ඔබට ඇහුනු හඬවල් කිසිවක් මෙහි නැහැ. අලුත්ම කටහඬවල් රැසක් තමයි මායාරුන්ගේ ලෝකයේදී ඔබට මුණගැසෙන්නේ.” මෙය විකාශය වන්නේ... ”ජූලි මස මුල සතියේ පටන් දින පහේම රාත්‍රි 6.30 සිට 7.30 දක්වා සුපුරුදු වෙලාවේදී. අනික මේ නාට්‍යය මාස දෙකකින් හමාර වනවා. ඉන්පසු ඔබ වෙත ගෙන එන්නේ ඊටත් වඩා අපූරු නාට්‍ය මාලාවක්.” උපුටාගැනීම http://www.silumina.lk/2013/06/30/_art.asp?fn=av1306304
MayaWarunge Lokaya
අද කතාව කොහොමද යාලුවනේ...? ඕ තා ඕ සහ වන් තියෑන්ගේ සටනෙහි අවසානය කෙදිනක වේද...?
Blog Archive
▼
2013
(5)
▼
July
(5)
Theme song 灵珠 [ The Holy Pearl ] - Love you 1000 y...
අභීත දියණිය ටෙලි නාට්‍යයෙන් අනතුරුව ශ්‍රී ලංකා රූ...
ලෝකය මානුෂීය ප්‍රේමයේ කැඩපතක්
ඔෂින්, සුජාත දියණි, අභීත දියණිය යන ටෙලි නාට්යයන...
මනුදම් උයනේ කුමරියනේ... මෙතෙක් ආ ගමනේ මතක සටහන්......
Design by
NewWpThemes
| Blogger Theme by
Lasantha
-
Premium Blogger Templates
|
NewBloggerThemes.com
Internet
Market
Stock
Dvd
Games
Software
Office
Child Category 1
Child Category 2
Child Category 3
Child Category 4
Sub Child Category 1
Sub Child Category 2
Sub Child Category 3
Childcare
Doctors
0 comments:
Post a Comment